ඊශ්‍රායෙලයේ සත්කාරක සේවා සපයන්නන් වශයෙන් තාවකාලිකව සේවය කිරීමට කැමැත්තක් දක්වන ශ්‍රී ලාංකිකයන් 50 දෙනෙකු පාරදෘශ්‍ය හා අඩු වියදම් ක්‍රමවේදයක් යටතේ තෝරාගෙන සේවයේ යෙදවීමට විදේශ රැකියා අමාත්‍යාංශය තීරණය කර තිබේ.
පෞද්ගලික රැකියා නියෝජිත ආයතනවල මැදිහත් වීමකින් තොරව, සාධාරණ, පාරදෘශ්‍ය හා අඩු වියදම් ක්‍රමවේදයක් යටතේ තෝරාගන්නා මෙම සේවකයන් සේවයේ යෙදවීම සඳහා ඊශ්රායෙල රජය සමග ඒකාබද්ධ නියමු වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමටද නියමිතය.
ඊශ්‍රායෙලයේ වැඩිහිටි ආබාධිත පුද්ගලයන්ට උපස්ථාන කිරීම සඳහා එක් රටකින් සත්කාරක සේවා සපයන්නන් 50 දෙනෙකු දක්වා බඳවාගැනීම පිණිස වූ වැඩසටහනක් ඊශ්රායෙල රජය විසින් ක්‍රියාත්මක කරන අතර, එයට සමගාමීව මෙම වැඩසටහන ක්‍රියාත්මක කරයි