සයිටම් අර්බුදය එහි අවසන් අදියර කරා ප්‍රවේශ වෙමින් පවතින බවත් ඒ අනුව මේ සඳහා තමන් ඇතුළු ශිෂ්‍ය හා වෘත්තීය සංගම් සිදු කළ අරගලය ජයග්‍රහණය කරා ළඟා වී ඇති බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (03දා) නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
මේ අනුව සයිටම් විරෝධී ජනතා පවුර මේ වන විට පළාත්, දිස්ත්‍රික් මෙන්ම ප්‍රාදේශීය මට්ටම දක්වා ගමන් කර ඇති අතරම දිවයින පුරා ක්ෂේත්‍ර ගණනාවක නියෝජිතයන් මේ සඳහා එක්ව ඇති බවත් එම සංගමය පවසයි.
මේ අතර සයිටම් ආයතනයේ ක්‍රියාකාරීත්වය හේතුවෙන් සාමාන්‍ය ජන ජීවිතයට එල්ල වී ඇති තර්ජනය හා අර්බුදකාරී තත්ත්වයට එරෙහිව ජනතා මතයක් ගොඩ නැගී ඇති අතර ඒ බව ඊයේ (02දා) පැවති ජාතික විරෝධතා දිනයේදී මනාව හෙළිදරව් වූ බවත් එම සංගමය සඳහන් කරයි.
ඒ අනුව මෙම වත්මන් තත්ත්වය තුල එය තවදුරටත් ශිෂ්‍යයන්ගේ හෝ වෛද්‍යවරුන්ගේ හුදු අරගලයක් නොව ජනතා සටනක් බවට පත්ව ඇති බවත් එම නිවේදනය මගින් සඳහන් කර ඇත.
මේ හේතුවෙන් ආණ්ඩුවේ පැවැත්මට හා අනාගතයට මෙම අවස්ථාව ඉතා තීරණාත්මක බවත්, ඊයේ දිනයේ ක්‍රියාත්මකවූ ජාතික විරෝධතා දිනයේ දී ජනතාව විසින් රජයට ලබා දුන් පණිවිඩය මනාව රජය තේරුම් ගත යුතු බවද එම නිවේදනය මගින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වැඩි දුරටත් සඳහන් කරයි.