පසුගිය වසරේ පෙබරවාරි මාසයේදී ඉහළ දැමූ ගුරු සහායක මාසික දීමනාව තවමත් නොලැබෙන බව දකුණු පළාත් පාසල් ගුරු සහායකයෝ සඳහන් කරති.
රුපියල් 6000ක්ව පැවැති ගුරු සහායක මාසික දීමනාව පසුගිය වසරේ පෙබරවාරි මාසයේ සිට රුපියල් 4000කින් ඉහළ දැමූ බවත්, මේ අනුව ගුරු සහායක දීමනාව රුපියල් දසදහසක් වුවද තමන්ට එම මුදල නොලැබෙන බවත් එම පිරිස් පෙන්වා දෙති.
එහෙත් අනෙකුත් පළාත්වල ගුරු සහායකයන්ට මාසික දීමනාව ලෙස රුපියල් දසදහසක් ලබාදෙන බවත්, එම මුදලද ප්‍රමාණවත් නොවන බවත් දකුණු පළාත් ගුරු සහායකයෝ සඳහන් කරති.
මේ නිසා සමස්ත ගුරු සහායකයන් ගුරු සේවයේ තුන්වැනි පන්තියේ දෙවැනි ශ්‍රේණියට ඇතුළත් කරගත යුතු බවත්, එසේ කරනතෙක් තමන්ට හිඟ මුදල් සහිතව රුපියල් දසදහසක දීමනාව ලබාදිය යුතු බවත් එම පිරිස් පෙන්වා දෙති.