ඉහළ කොත්මලා ජලාශයේ වාන් දොරටු තුනක් අද (20දා) උදෑසන සිට විවෘත කිරීමට ජලාශය භාර ඉංජිනේරුවෝ පියවර ගත්හ.
ජලාශයේ ජල පෝෂක ප්රදේශවලට ඊයේ (19දා) රාත්රියේ සිට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් මෙසේ ජලාශයේ වාන් දොරටු විවෘත කොට තිබේ.
මෙම ජලාශයේ වාන් දොරටු මෙසේ විවෘත කිරීම නිසා ඊට පහළ කොත්මලා ඔයේ ජල මට්ටමද ඉහළ ගොස් තිබුණි.
ශාන් හුලංනුගේ