මධ්‍යම කඳුකරයට ඇදහැළෙන ධාරානිපාත වර්ෂාවත් සමග ඊයේ (29දා) දහවල් සිට ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටුවක් විවෘත කළ බව එම ජලාශය භාර ඉංජිනේරුවෝ පැවසූහ.
වාන් දොරටුව විවෘත කාරිමත් සමග කොත්මලා ඔයේ ජල මට්ටම ඉහළ යාමෙන් ඩෙවෝන් දිය ඇල්ලේ ජල පරිමාව ඉහළ ගොස් එය දර්ශනීය ලෙසින් දිස්වීමට පටන් ගෙන තිබේ.