යළි ආරම්භකරන ලද උදා ගම්මාන වැඩ සටහන යටතේ ඉදි කෙරුණු ප්‍රථම උදා ගම්මානය වන “ඉසුරුපුර” ගම්මානය හෙට (11 දා) නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත් කිරීමට නියමිතය.
ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ මෙහෙයවීමෙන් උදා ගම්මාන වැඩපිළිවෙල ක්‍රියාත්මක යව අතර එම වැඩපිළිවෙල යටතේ මේ වන විට දිවයින පුරා උදා ගම්මාන 40 ක් ඉදිවේමින් පවත්න බව අධිකාරිය පවසයි. ඉන් ජනතා අයිතියට පත් කෙරෙන ප්‍රථම උදාගම්මානය වන මුලතිව් දිස්ත්‍රික්කයේ වැලිඔය “ ඉසුරුපුර ” ගම්මානය සියලු යටිතල පහසුකම් වලින් සමන්විතව ඉදිකරන ලද නිවාස 25 කින් සමන්විත වේ.