ඉවත් කළ බව දන්නෙත් නෑ - දෙනවා කියපූ දේ දීලත් නෑ
මාව ඉවත් කළ බව දැන ගත්තේ මාධ්‍යයෙන් - නුවරඑළිය දිස්ත්‍රික් මන්ත්‍රී සී.බී. රත්නායක
වසර 24 ක් තිස්සේ වලපනේ ශ්‍රී.ලං.නි.ප.ආසන සංවිධායක ධුරය දැරූ පාර්ලිමේන්තු මන්ත්‍රී සී.බී. රත්නායක මහතාට මෙවර සංශෝධනයෙන් ආසන සංවිධායක ධුරය අහිමිව තිබේ. ඒ සම්බන්ධයෙන් කළ විමසීමකදී ඔහු සඳහන් කළේ එම ආසනයට වෙනත් අයෙකු පත්කර තිබුණද ඒ පිළිබඳව පක්ෂය විසින් තමන්ට දන්වා නැති බවයි.
තමා ආසන සංවිධායක ධුරයෙන් ඉවත්කර ඇතැයි දැනගත්තේ මාධ්‍ය හරහා බවද මන්ත්‍රීවරයා පැවසීය.1992 වසරේ සිට වලපනේ ආසන සංවිධායක ධුරය දරූ තමන් විසින් වලපනේ ප්‍රාදේශිය සභාවට යොමුකොට සභාපති ධුරය ලබාදුන් ජගත් කුමාර සමරහේවා මහතා ආසන සංවිධායක ධුරයටද, තමන් පෞද්ගලික ප්‍රවාහන ඇමති ධුරය දරන සමයේ ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපතිවරයා ලෙස පත්කළ රොෂාන් ගුණවර්ධන මහතා නුවරඑළිය දිස්ත්‍රික් සංවිධායක ධුරයටද පත් කර තිබීම ගැන කනගාටු නොවන බව බවත්, පක්ෂයක් ලෙස මේ අකාරයෙන් ඉදිරියට යා හැකිදැයි ගැටලුවක් ඇතිවන බවත් ඔහු කීය.
1977 පක්ෂ සාමාජිකත්වය ලබාගත් තමන් 1994 වසරේ සිට මේ දක්වා පාර්ලිමේන්තුවට තෝරාපත් කර එවූ නුවරඑළිය දිස්ත්‍රික්කයේ ජනතාව අමතක නොකරන බවද මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.
දෙනවා යැයි කියූ ආසන සංවිධායක ධුරය මට ලැබුණෙ නෑ - බස්නාහිර පළාත් කෘෂිකර්ම අමාත්‍ය ගාමිණී තිලකසිරි
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකත්වය විසින් මෙවර ආසන සංවිධායක පත්වීම් ලබාදීමේදී සමහර ආසනවලට ජන පදනමක් නැති පුද්ගලයන් පත්කර තිබුණද, පළාත් ඇමතිවරයෙකු වන තමන්ට ලබාදෙනවා යැයි කියූ සංවිධායක ධුරය ලබා නොදුන් බව බස්නාහිර පළාත් සභාවේ කෘෂිකර්ම අමාත්‍ය ගාමිණී තිලකසිරි මහතා පැවසීය.
හෝමාගම ආසන සංවිධායක ධුරය මැයි දෙවැනිදා තමන්ට ලබාදෙන බවට ජනාධිපතිවරයා ඊට පෙර ප්‍රකාශ කළ බව කී ඇමතිවරයා, එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම්වරයා ඊට සති දෙකකට පසුව ලබාදෙන බවට පොරොන්දු වී තිබුණු බවද සඳහන් කළේය.
ආසන සංවිධායක ධුර ලබාදෙනවා යැයි කියා සිටි අය අතුරින් සංවිධායක ධුරයක් නොලැබුණේ තමන්ට පමණක් බවද තිලකසිරි මහතා කීවේය. දැනට ඒකාබද්ධ විපක්ෂයේ සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා හෝමාගම සංවිධායක ධුරය දරන බැවින් මෙවර සිදුකරන සංශෝධනයේදී තමන්ට එය ලැබෙතැයි විශ්වාස කළ බවද ඒ මහතා සඳහන් කළේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

