ඉල්ලීම් 3ක් වෙනුවෙන් ආබාධිත රණවිරුවෝ විරෝධතාවක
ඉල්ලීම් තුනක් මුල් කරගනිමින් ආබාධිත රණවිරුවෝ ඊයේ (28දා) ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිටදී විරෝධතාවක නිරත වූහ.
ආබාධිත රණවිරුවන් පිරිසක් කොටුව දුම්රියපොළ ඉදිරිපිට සිට පා ගමනින් ජනාධිපති ලේකම් කාර්යාලය අසලට ගොස් විරෝධතාව පවත්වා ජනාධිපති කාර්යාලයට ආබාධිත රණවිරුවන්ගේ ගැටලු පිළිබඳව සන්දේශයක්ද භාරදෙනු ලැබීය.
මෙහිදී ආබාධිත රණවිරුවන් ඉල්ලා සිටින ඉල්ලීම අතර වයස අවුරුදු 55 සම්පූර්ණ වීමෙන් පසුවත් වැටුප් හා විශ්රාම වැටුප ලබාදෙන ලෙස සහ ආබාධිත තත්ත්වය නිසා වසර 12ක සේවා කාලයටකට පෙර විශ්රාම යාමට සිදුවූ සියලුම දෙනාටම වසර 12ක සේවා කාලයකින් පසු ආබාධිත තත්ත්වය නිසා විශ්රාම ගිය රණවිරුවන්ට ලබාදෙන වරප්රසාද හා වැටුප් ලබාදෙන ලෙස සහ විශ්රාම පාරිතෝෂිතය ලබාදෙන ලෙස යන ඉල්ලීම් වේ.
මෙහිදී අදහස් දැක්වූ ආබාධිත රණවිරුවන් සඳහන් කළේ, ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතාට විශාල වැටුපක් සමග වරප්රසාද රාශියක් ජීවිත කාලය පුරාම ලබාදීමට තීරණය කර තිබෙන බවය.
සරත් ෆොන්සේකා මහතාගේ නිල රථයේ වටිනාකම රුපියල් කෝටි 7ක් බවද ආබාධිත රණවිරුවෝ පවසා සිටියහ.
ඡායාරූප - ඒශාන් ප්රනාන්දු
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.











