IS ඉස්ලාම් රාජ්‍ය ත්රස්තයන්ගේ ග්‍රහණයේ පවතින ඉරාකයේ ෆලූජා හි බලය තහවුරු කිරීමේ දැවැන්ත මෙහෙයුමක යෙදෙන එරට හමුදාව වෙත ඉස්ලාම් ත්රස්තයන් ප්‍රතිප්‍රහාර මාලාවක් අරඹා තිබේ.
විදෙස් වාර්තා පෙන්වාදෙන පරිදි නගරයේ බලය අත්පත් කරගැනීම සඳහා දකුණුදිග නුඅයිමියා පෙදෙසින් ඇතුළු වූ භට කණ්ඩායම් වෙත ත්රස්තවාදීන් ප්‍රතිප්‍රහාර මාලාවක් එල්ල කර තිබේ.
එහිදී, මෙම ප්‍රහාරය මැඬපැවැත්වීමට ඉරාක හමුදා සමත් වුවත්, එහිදී, හමුදාවටද බරපතල හානි සිදුව ඇති බව විදෙස් වාර්තා පවසයි.
මේ අතර, 50,000කට අධික සාමාන්‍ය වැසියන් පිරිසක් මෙම සටන්වලට මැදිව සිටින බව සහන කණ්ඩායම් පවසයි.
මේ අතර, ඇතැම් සිවිල් වැසියන් බලහත්කාරයෙන් ත්රස්තයන් සමග සටනට කැඳවන බවත්, එසේ පැමිණීම ප්‍රතික්ෂේප කරන්නන් මරා දමන බවත් සහන කණ්ඩායම් වැඩිදුරටත් පවසයි.