හයිදාර් අල්-අබාදි ඉරාකයේ නව අගමැතිවරයා ලෙස නම් කිරීම එරට අනාගයේ විශ්වාසදායී ඉදිරි පියවරක් බව ඇමෙරිකානු ජනාධිපති බරැක් ඔබාමා පවසයි.
ඉරාකය අතිශය දුෂ්කර කාලවකවානුවක් ගත කරන මේ අවස්ථාවේදී එරට දේශපාලන නායකයන් එක්ව වැඩ කිරීමේ අවශ්‍යතාව මෙහිදී ඔබාමා අවධාරණය කළේය.
ඉරාක ජනාධිපතිවරයා විසින් නව රජයක් පිහිටුවන ලෙස හයිදාර් අල්-අබාදි වෙත ඊයේ ඇරයුම් කර සිටියේ එරට වත්මන් අගමැති නූරි මලිකි වෙත ඇනුම්පදයක් ලෙසිනි.
මේ තත්ත්වය තුළ මලිකි කියා සිටින්නේ අබාඩිගේ පත්කිරීම එරට ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් බවයි.
ඉරාකයේ තත්ත්වය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔබාමා පවසා සිටියේ ISIS ඉස්ලාමීය අන්තවාදීන් වෙත එල්ල කළ ඇමෙරිකානු ගුවන් ප්‍රහාර අති සාර්ථක බවයි. එය ඔවුන්ගේ ඉදිරි ගමන අඩාල කර ඇති බව හෙතෙම පවසයි.
කෙසේ වෙතත්, මෙම අර්බුදයට ඇමෙරිකානු හමුදාමය ක්‍රියාදාමය පිළිතුර නොවන බව පෙන්වාදෙන ඔබාමා අවධාරණය කරන්නේ, ඉරාක රජය එකතුව මෙම ඉස්ලාමීය අන්තවාදයට එරෙහිව සටන් කළ යුතු බවයි.