කිලිනොච්චියට බලපෑ ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් කිලිනොච්චියේ විශාලතම ජලාශය වන ඉරණමඩු ජලාශය පිරී ඉතිරී වාන් දැමීමට පටන් ගැනීමත් සමගම එහි වාන්දොරටු 10 ක් විවෘත කළ බව කිලිනොච්චිය වාරිමාර්ග සහකාර අධ්යක්ෂක ප්රධාන ඉංජිනේරු නවරත්නම් සුදාකරන් මහතා පැවැසීය.
ඉරණමඩු ජලාශය මෙසේ වාන් දැමීම නිසාවෙන් පළාතේ කුඩා වැව් සියල්ලක්ම පිරී වාන්දැමීමටද පටන් ගෙන ඇති අතරම පහත් ප්රදේශවල සිටි වැසියන්ගේ නිවාස හා සියලුම මාර්ග ජලයෙන් යට වී තිබේ.