පාකිස්තාන වත්මන් රජය හා අගමැති නවාස් ෂරීෆ් පලවා හැරීමේ අරමුණින් එරට විරුද්ධ පක්ෂ විසින් සංවිධානය කර ඇති දැවැන්ත විරෝධතා පා ගමනේදී එරට විපක්ෂයේ බලකණුවක් මෙන්ම හිටපු ක්‍රිකට් නායකයකයෙකු වූ ඉම්රාන් ඛාන් ගමන් ගත් රථයට වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබේ.
කෙසේ වෙතත් මෙම, වෙඩි පහරින් ඉම්රාන් ඛාන්ට තුවාල සිදුවී නොමැති නමුත් එය ආණ්ඩුවට සහයෝගය දක්වන්නන් සහ විරෝධතාකරුවන් අතර දරුණු ගැටුම් ඇති කළ සිදුවීමක් බවට පත්ව තිබේ.
ඉස්ලාමාබාද් නුවරට ආසන්නයේ ගුජ්රන්වාලා නගරයේදී මෙම වෙඩි තැබීම සිදුව ඇති තිබුණත්, තම ආරක්ෂාවක නොතකමින්, එහිදී ඉම්රාන් ඛාන් විසින් විරෝධතා කරුවන් අමතමින් කතාවක්ද පවත්වා තිබේ.
කෙසේ වෙතත්, ආණ්ඩු විරෝධී විරෝධතාකරුවන් සහ ආණ්ඩුවට සහයෝගය දක්වන පිරිස් අතර ඇති වූ ගැටුම්වලින් පුද්ගලයන් කිහිප දෙනෙකු තුවාල ලබා ඇති බවද එරට මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
පාකිස්තානයේ වත්මන් අගමැති නවාස් ෂරීෆ් බලයට පැමිණීමෙන් පසු එරට ඇති වූ විශාලතම විරෝධතාවය වශයෙන් මෙම පෙළපාලිය හඳුන්වා දෙයි.
ඉම්රාන් ඛාන්ට අමතරව විපක්ෂයේ ඉස්ලාමීය පූජකයකු වන තාහීර් උල් ඛද්රි ද විරෝධතා පෙළපාලියේ ඉදිරියෙන් ගමන් කර ඇති අතර, මීට සම්බන්ධ වූ දහස් ගණන් විරෝධතාකරුවන් ඉල්ලා ඇත්තේ නවාස් ෂරීෆ්ට සිය අගමැති තනතුරෙන් ඉල්ලා අස්වන ලෙසයි.