ඉබෝලා හේතුවෙන් දරුවන් 3,700කට තම දෙමවුපියන් දෙදෙනාම හෝ එක් අයෙකු අහිමි වී ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය කියයි.
ඉබෝලා වෛරසය වඩාත් දරුණු ලෙස පැතිර යන ගිනියාව, ලයිබීරියාව සහ සියෙරා ලියෝන් යන රාජ්‍යයන් හි මෙම තත්ත්වය වාර්තා වන බව එම සංවිධානය වැඩිදුරටත් පවසයි.
ඒ අනුව, මෙම අනාථ දරුවන් වෙනුවෙන් කඩිනම් සහන සැලසිය යුතු බව එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල හෙවත් යුනිසෙෆ් සංවිධානය අවධාරණය කරයි.
කෙසේ වෙතත්, අසනීප දරුවෙකුට සාත්තු සප්පායම් කිරීම මේ වනවිට මෙම කලාපය තුළ මරණීය දණ්ඩයට යටත් වීමක් වැනි තත්ත්වයක් පවතින බවද ඔවුන් අවධාරණය කරයි.
ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන්නේ මේ වනවිට බටහිර අප්‍රිකානු කලාපය තුළ පුද්ගලයන් 3,000කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.