බටහිර අප්‍රිකාව තුළ ඉබෝලා වෛරසය ශරීරගත වූවන්ගේ 70%ක් ජීවිතක්ෂයට පත්ව ඇති බවත්, එය මීට පෙර වූ වාර්තාවන්ට වඩා අතිශය වැඩි බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) අවධාරණය කරයි.
එම සංවිධානය අනතුරු අඟවා සිටින්නේ වෛරසය පාලනය කිරීම වෙනුවෙන් කඩිනම් පියවර නොගතහොත් ලබන නොවැම්බර් මාසය වනවිට ඉබෝලා පැතිරීම 20,000 ඉක්මවා යනු ඇති බවයි.
ලබන ජනවාරි මාසය වනවිට රාජ්‍යයන් දෙකක මිලියන 1.4ක ජනතාව වෙත වෛරසය පැතිරී ගියහොත් මෙය වඩාත් දරුණු තත්ත්වයක් බවට පත්වන්නේ යැයිද ඇමෙරිකානු පුරෝකථනයක් දක්වයි.
ඉබෝලා පැතිරීම මෙවර අතිශය දරුණු මට්ටමක පවතින අතර, මේ දක්වා ගිනියාව, ලයිබීරියාව හා සියෙරාලියෝන් රාජ්‍යයන් ඇතුළුව ඉබෝලා මරණ 2,800ක් මේ වනවිට වාර්තා වෙයි.
මේ අතර, වෛරසය වාර්තා වන සෙනගාලය හා නයිජීරියාව තරමක් දුරට පාලනයක් පවතින බවද ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.