ඉබ්බන් 124 ක් තම ගමන් මල්ලේ සඟවාගෙන මලයාසියාවේ ක්වාලාලාම්පුර් නුවර බලා යාමට පැමිණි ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයෙක් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී රේගු නිලධාරීන් විසින් අද (03)අලුයම අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක ලෙස්ලි ගාමිණී මහතා පවසයි.
සැකකරු මීගමුව ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදිවියේ පසුවන බවත්, ඉබ්බන් 124 න් එක් ඉබ්බෙකු මිය ගොස් සිටි බවත් ඒ මහතා පවසයි.
සැකකරු මෙම ඉබ්බන්ගේ අඬු සෙලෝටෝප්වලින් ගැට ගසා සපත්තු මේස් තළ බහා ගමන්මල්ලේ රැගෙන යාමට උත්සාහ කර ඇති බව රේගුව පවසයි.
ඔහු අද (03දා) අලුයම 12.55 ට පමණ මලයාසියානු ගුවන් සේවයට අයත් එම්.එච් 178 දරණ ගුවන් යානයෙන් ක්වාලාලාම්පුර් බලා යාමට කටුනායකට පැමිණ තිබේ.
මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු රේගු ජෛව විවිධත්ව, සංස්කෘතික හා ජාතික උරුමයන් සුරැකීමේ ඒකකයේ නිලධාරීන් විසින් සිදු කිරීමෙන් අනතුරුව මෙම ඉබ්බන් දෙහිවල සත්වෝද්‍යානයට මුදාහැරීමට කටයුතු කෙරිණි.
මේ පිළිබඳ පරීක්ෂණ කටයුතු සහකාර රේගු අධිකාරීවරුන් වන වයි. කුලසේකර, ඒ.එම්.කේ.බී. අතපත්තු, පී.වී.එම්. ප්‍රනාන්දු, ඒ.එම්. ජයසූරිය, ඒ.ඩබ්ලිව්.එල්.සී වීරකෝන් සහ ආර්.වී.ටී ස්ලෙජස් යන නිලධාරීහු සිදු කරති.