ඉබ්බන් 1200 ආරක්ෂා කරන කල්පිටිය පොලීසිය
ඉන්දියාවේ සිට මුහුදු මගින් ප්‍රවාහනය කළේයැයි සැකකරණ, කල්පිටියේදී පසුගියදා පොලිස් බාරයට ගැනුණු තාරකා ඉබ්බන් 1200 දෙනා, තවමත් කල්පිටිය පොලිස් ස්ථානයේ, ළමා උද්‍යානයේ සෙවණ ලබමින් පසු වෙති.
මේ පිළිබඳව කල්පිටිය පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ලක්ෂ්මන් රංවල ආරච්චි මහතා මෙසේ පැවසීය.
" මෙම ඉබ්බන් අධිකරණයට ඉදිරිපත් කළත්, තවමත් නිදහස් කිරීමට සුදුසු ස්ථානයක් නිර්දේශ කළේ නැහැ. ඒ අනුව පොලිසිය භාරයේ තබාගන්නට සිදුවුණා. අපේ ළමා උද්‍යානයේ ඉටි කොළවලින් පුංචි ජල තටාක හදලා, පොල් අතුවලින් විශේෂ ආවරණයක් හදලා, ඉබ්බන් බලා ගැනීමට පොලිස් නිලධාරීයෙකුත් යොදවලයි තිබෙන්නේ. ඉබ්බන්ට දිනකට බෝංචි, මෑ කිලෝ පහක්, කංකුන් මිටි පනහක් විතර යනවා. කල්පිටිය පශු වෛද්‍යවරයාත් මේ අය පරීක්ෂා කරලා බැලුවා. ඔවුන් හොඳින් සිටින බව තමයි කිව්වේ."
අප මේ පිළිබඳව කල්පිටිය වනජීවී අඩවි ආරක්ෂක එම්.එම්.කේ. මොරතැන්න මහතාගෙන් කළ විමසීමේදී එම මහතා පැවසුවේ, තාරකා ඉබ්බන් ඉදිරියේ දෙහිවල සත්ත්ව උද්‍යානයට මුදා හැරීමට අධිකරණය නියෝග ලබාගන්නා බවය.
ඔවුන්ගේ ජාන ශ්‍රී ලංකාවේ තාරකා ඉබ්බන්ගේ ජාන හා සැසඳේද බැලීමට නියමිත බවත්, එහි ප්‍රතිඵල අනුව මෙම ඉබ්බන් පිළිබඳව තීරණයක්ට එළඹෙන බවත් ඒ මහතා පැවසුවේය.
කල්පිටිය කුමාර කොට්ටහච්චි
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.




