ඉන්නම බැරි වුණොත් දේශපාලනයෙන් අයින් වෙනවා
රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා පිළිබඳ මේ දිනවල විවිධ ප්රවෘත්ති සමාජ මාධ්‍ය හරහා හුවමාරු වෙමින් පවතියි. ඒ ඔහු ඒකාබද්ධ විපක්ෂයට එක්වීමට සූදානම් යැයි ආදී වශයෙනි. ඒ පිළිබඳ කොළඹදී පැවැති උත්සවයකදී අමාත්‍යවරයා ප්‍රතිචාර දැක්වීය.
“කරන්න පුළුවන් කල් දේශපාලනය කරනවා. බැරිවුණ දවසක අයින් වෙනවා. ගාම්භීරව, ගරුසරු ඇතිව. පක්ෂ මාරු කරලා නෙමෙයි, පාට මාරු කරලා නෙමෙයි. අපේ ආණ්ඩුවලින් සමහර විට දක්ෂයෝ අයින් කරලා නායකයෝ තමන්ට කැමති කට්ටිය ඇතුළට දාගන්නවා. තමන්ට කැමති දෙන්නෙක් තුන් දෙනෙක් දාගත්තත් කමක් නෑ දක්ෂයෝ හත අටකට තැන දීලා.
මහින්ද රාජපක්ෂ මහතාගේ නැගණියගේ මළගෙදර යන්න බැරිවුණ නිසා බණ ගෙදරට ගිහින් කතා කරලා ආවා. ඒ පිංතූරය දාලා ගහලා තිබුණා මෙන්න සුජීව සේනසිංහ ඒකාබද්ධ විපක්ෂයට කියලා.
මට දැක්කාම තරහත් ගියා, දුකත් හිතුණා. පක්ෂයෙන් කොච්චර අසාධාරණයක් සිදුවුණත් පක්ෂ මාරු කරන්නේ නෑ. මට වරප්‍රසාද මොනවත් එපා. ඒ හැමදේම අරගෙන ජනතාවට වැඩ කරන්න අවස්ථාවක් දෙන්න. එහෙම නැත්නම් පක්ෂයට වැඩක් කරන්න දෙන්න. ඒ දෙකම කරන්න බැරිනම් දේශපාලනයේ ඉඳලා වැඩක් නෑ. ඉන්නම බැරිනම්, අසාධාරණය උච්චම අවස්ථාවට සිදුවෙනවානම් දේශපාලනයෙන් සමුගන්න මම මැලිවෙන්නේ නෑ” යනුවෙන් ඔහු කියා සිටියේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

