ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධන ප්රවාහනය කරන බවුසරයකින් රහසිගතව සිදුකරන ඩීසල් ජාවාරමක් හසුකර අදාළ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට ඊයේ (28දා) හැකිවූ බව අනුරාධපුර පොලීසිය පවසයි.
පොලීසියට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදුකර ඇති අතර, ඒ අනුව ඉන්ධන පිරවූ ලීටර් 20ක ප්රමාණයේ ගැලුම් 24ක තිබූ ඩීසල් ලීටර් 467ක් බවුසර් රථය හා සැකකරුවන් දෙදෙනෙකු පොලිස් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
මෙලෙස අත්අඩංගුවට පත්වූ එක් අයෙකු අදාළ බවුසර් රථයේ රියදුරු වන අතර, අනෙක් සැකකරු පොතානේගම පදිංචි අයෙකු බව පොලීසිය සඳහන් කරයි.
සැකකරුවන් අද (29දා) අනුරාධපුර මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.
සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.