ශ්‍රී ලංකාවේ ඉන්ධන මිල තීරණය කිරීම සඳහා ඉන්ධන මිල සූත්‍රයක් හඳුන්වාදීමට ගත් තීරණය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඇගයීමට ලක්ව තිබේ.
එම ආයතනය සඳහන් කරන්නේ ශ්‍රී ලංකාවෙ මූල්‍ය අවධානම් අවම කිරීමට අදාළව මෙය වැදගත් පියවරක් වෙනු ඇති බවයි.
එසේම ඉන්ධන සහනාධාරය හරහා ශ්‍රී ලංකාවේ වැඩියෙන්ම ප්රතිලාභ ලබාගත්තේ ලංකාවේ දුප්පත් ජනතාව නොව පොහොසත් ජනතාව බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි.
ඉන්ධන මිල සූත්‍රය ශ්‍රි ලංකාවේ ආර්ථිකයට ප්රතිලාභ ගෙන එනු ඇති බවත් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබාදෙන ණය පහසුකමේ සිවුවැනි අදියර සඳහා වන සාකච්ඡාවේ ජුනි 01 දා අවසන් කිරීමට හැකි වෙනු ඇති බවත් එම සංවිධානය පවසයි.