ඉන්ධන මිල ඉහළයාම පිළිබඳව අවුරුදු ගණනාවකට සහතිකයක් ලබාදිය නොහැකි වුවද, වැට් බදු සංශෝධන ක්‍රියාවලියට සාපේක්ෂව ඉන්ධන මිල ඉහළ දැමීමක් සිදු නොකරන බව ඛනිජ තෙල් හා ප්‍රෙටෝලියම් වායු පිළිබඳ අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා සඳහන් කළේය.
ඛනිජතෙල් සංස්ථාව මත යම් බදු මුදලක් වැඩි වීමට කටයුතු කළහොත් එම බදු බර ජනතාව මත පැටවීමට කටයුතු නොකරන බවට ජනතාවට සහතිකයක් ලබාදෙන බවද අද (14දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී අමාත්‍යවරයා සඳහන් කළේය.
මීට අමතරව සෑමවිටම ජනතාව මත බදුබර පටවා කටයුතු නොකර ලිහිසි තෙල් සහ භූමිතෙල් සම්බන්ධයෙන් අයකරගන්නා වාර්ෂික ගාස්තු හා බදු මුදල් ඉහළ දමා සංස්ථාවට මුදල් උපයාගැනීමට කටයුතු කරන බවද හෙතෙම කියා සිටියේය.