ඉන්ධන මිල අද (05දා) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි අඩු කිරීමට පියවර ගෙන ඇති බව ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව පවසයි.
ඒ අනුව, ලංකා පෙට්‍රල් (ඔක්ටේන් 92) ලීටරයක මිල රු.150/- දක්වා අඩු කර ඇති අතර, ලංකා ඔටෝ ඩීසල් ලීටරයක මිල රු.111/- දක්වාත්, භූමිතෙල් ලීටරයක මිල රු.81/- දක්වාත් අඩු කර තිබේ.
මීට පෙර ලංකා පෙට්‍රල් (ඔක්ටේන් 92) ලීටරයක මිල රු.157/- ක් ලෙස පැවති අතර, ලංකා ඔටෝ ඩීසල් ලීටරයක මිල රු.118/- ක් හා භූමිතෙල් ලීටරයක මිල රු.86/- ක් ලෙස පැවතිණි.
මීට අමතරව රු.165/- ක් ලෙස පැවති ලංකා පෙට්‍රල් (ඔක්ටේන් 95) ලීටරයක මිල රු.158/- දක්වාත්, රු.140/- ක්ව පැවති ලංකා සුපර් ඩීසල් ෆෝ ස්ටාර් ලීටරයක මිල රු.133/- දක්වා සහ රු.115/- ක්ව පැවති කාර්මික භූමිතෙල් ලීටරයක මිල රු.110/- දක්වාත් අඩු කර තිබේ.