ඉන්ධන අලෙවිසැල්වලින් සිදුවන අක්‍රමිකතා වැළැක්වීම සඳහා සියලුම අලෙවිසැල් පරිගණක ගතකර නිරීක්ෂණය කරන බව ඛනිජතෙල් අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා සඳහන් කළේය.
මේ අනුව ඉන්ධන නිකුත් කිරීමේදී අක්‍රමිකතාවක් ඇතිව තිබෙන බවට පැමිණිල්ලක් ලැබුණහොත් එය නිශ්චිතවම දැනගත හැකි බවද අද (23දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී හෙතෙම සඳහන් කළේය.