සෞදි අරාබියේ සිට ඉන්දුනීසියාව බලා ගමන් ගත් ගුවන් යානයක සිටි ගුවන් මගියෙකු අසනීප තත්ත්වයක් හේතුවෙන් මීගමුව රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මියගොස් ඇතැයි පොලීසිය සඳහන් කරයි.
මෙම පුද්ගලයාගේ අසනීප තත්ත්වය හේතුවෙන් ගුවන් යානය කටුනායක ගොඩබස්වා ඔහු රෝහල් ගත කිරීමට කටයුතු කර තිබේ. නිර්මොයො සමුල්යො නැමැති 75 හැවැරිදි ඉන්දුනීසියානු ජාතිකයෙක් මෙසේ ජීවිතක්ෂයට පත්ව තිබේ.