ඉන්දුනීසියාවේ නැගෙනහිර සාගර කලාපයට අද අලුයම් කාලයේ බලපෑ රික්ටර් පරිමාණ 6.3ක භූ කම්පනයෙන් සුනාමි අනතුරු ඇඟවීමක් නොමැති බව කියයි.
මෙම භූ කම්පනයේ අපිකේන්ද්‍රය ඉන්දුනීසියාවේ නැගෙනහිර වෙරළ තීරයේ සිට කිලෝමීටර් 128ක් දුරින්, මුහුදේ කිලෝමීටර් 38.8 ක් ගැඹුරින් සටහන්ව ඇති බව ඇමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පවසයි.
මෙම භූ කම්පනය රික්ටර් පරිමාණ 6.6 ක භූ කම්පනයක් ලෙස එම ආයතනය විසින් කලින් දැක්වූවද, පසුව එය රික්ටර් පරිමාණ 6.3ක් දක්වා පහත හෙළා තිබුණි.
කෙසේ වෙතත්, එම කලාපයේ වෙසෙන වැසියන්ට මෙම භූ කම්පනය දැනී ඇති බවද එම කලාපයේ මාධ්‍ය වාර්තා කර තිබේ.