ඉන්දුනීසියානු වරාය නගරයක් වූ පැඩැන්ග් නගරයට කිලෝමීටර් 155ක් පමණ සාගරයේ ඇති වූ රික්ටර් පරිමාණ 6.5ක භූ කම්පනයෙන් එම නගරය සෙලවී ගිය බව විදෙස් වාර්තා පවසයි.
කෙසේ වෙතත්, භූ කම්පනයෙන් මේ වනවිට ජීවිත හෝ දේපොළ හානි කිසිවක් වාර්තා වී නොමැත.
එමෙන්ම, පැසිෆික් සුනාමි අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානයෙන්ද සුනාමි අවදානමක් පිළිබඳ අනතුරු ඇඟවීමක් සිදුකර නොමැති අතර, ඉන්දුනීසියානු කාලගුණ විද්‍යා ඒජන්සියද සුනාමි අනතුරක් නොමැති බව පවසා තිබේ.
ඇමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනයට අනුව මුලින් රික්ටර් පරිමාණ 6.2ක භූ කම්පනයක් ලෙස වාර්තා වූ මෙය කිලෝමීටර් 50ක් පමණ පොළොව අභ්‍යන්තරයේ සිදුවූවකි.