ධීවරයන් ලෙස වෙස් වළාගෙන උතුරු මුහුදේ හෙරොයින් ජාවාරම් කරමින් සිටියදී කොටු වූ ඉන්දීය හා ශ්රී ලාංකික කුඩු ජාවාරම්කරුවන් අට දෙනාට එරෙහිව මරණීය දණ්ඩනය නියම කිරීමට කොළඹ මහාධිකරණ විනිසුුරු ප්රීති පද්මනාදන් සූරසේන මහතා මීට සුළු මොහෙතකට පෙර තීන්දු කළේය.
උතුරු මුහුදේ ආරක්ෂක රාජකාරියේ යෙදී සිටි නාවික හමුදාවේ ලුතිනන් කමාන්ඩර් චරිත ගුණරත්න මහතා ඇතුළු පිරිසක් විසින් හෙරොයින් ජාවාරම් කරමින් සිටි මෙම පිරිස අත්අඩංගුවට ගෙන තිබුණි. ඉතා දීර්ඝ කාලයක් නඩුව විභාගවිණි.