ඉන්දු - ශ්‍රී ලංකා හයවැනි වරටත් වාර්ෂිකව පවත්වනු ලබන යුද හමුදා මාණ්ඩලික සාකච්ඡාව අද (22දා) පෙරවරුවේ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී ආරම්භ වූ බව යුද හමුදා මාධ්‍ය අංශය සඳහන් කරයි.
දෙරටේ යුද හමුදා අතර දිනෙන් දින වර්ධනය වන ද්වීපාර්ශ්වීය හමුදා සහයෝගීතාව ප්‍රදර්ශනය කිරීමේ එක් අවස්ථාවක් ලෙස මෙය හැඳින්විය හැකි බවත්, මෙවර සමුළුවේදී පුහුණු ආකෘතීන් හුවමාරු කරගැනීම, කාර්මික අංශයන්හී යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ දැනුම ලබාගැනීම හා සුභ සාධන වැඩසටහන් පිළිබඳව වැඩි අවධානයක් යොමු කිරීමට නියමිත බව යුද හමුදා මාධ්‍ය අංශය පවසයි.
ඒ අනුව මෙම තෙදින සමුළුව සඳහා සහභාගි වන ඉන්දීය යුද හමුදා නියෝජිත පිරිසෙහී නායකත්වය මේජර් ජෙනරාල් සංජය තාපා විසින් දරනු ලබන අතර, ශ්‍රී ලංකා යුද හමුදා නියෝජිත පිරිසෙහී නායකත්වය මේජර් ජෙනරාල් ඒ.පී. ද ඉසේඩ් වික්‍රමරත්න විසින් දරනු ලබන බවත් යුද හමුදා මාධ්‍ය අංශය සඳහන් කරයි.