ධීවරයන් ලෙස වෙස් වළාගෙන උතුරු මුහුදේ හෙරොයින් ජාවාරම් කරමින් සිටියදී කොටු වූ ඉන්දීය හා ශ්රී ලාංකික කුඩු ජාවාරම්කරුවන් අට දෙනාට එරෙහි තීන්දුව අද (30දා) කොළඹ මහාධිකරණයේදී ප්රකාශයට පත්කෙරේ.
කොළඹ මහාධිකරණ විනිසුරු ප්රීති පද්මන් සූරසේන මහතා හමුවේ දීර්ඝ කාලයක් පුරා මෙම නඩුව විභාග කිරීමෙන් පසුව තීන්දුව සඳහා මෙලෙස දින නියම විය.
උතුරු මුහුදේ ආරක්ෂක රාජකාරියේ යෙදී සිටි නාවික හමුදාවේ ලුතිනන් කමාන්ඩර් චරිත ගුණරත්න මහතා ඇතුළු පිරිසක් විසින් හෙරොයින් ජාවාරම් කරමින් සිටි මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇති බව හෙළි විය.