ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර ඇණහිටව ඇති ධීවර සාකච්ඡා නැවතත් මේ මස 12දා ආරම්භ කිරීමට ශ්‍රී ලංකාවේ අවධානය යොමුව ඇතැයි හින්දු පුවත්සේවය සඳහන් කරයි.
එම සාකච්ඡා ඉන්දියාවේ චෙන්නායි නුවර පැවැත්වෙනු ඇත. එසේම ශ්‍රී ලංකා මුහුදු සීමාවට බලෙන් අතුළු වී ධිවරය කටයුතු සිදුකරන ධීවරයින් අත්අඩංගුවට ගැනීමට ශ්‍රී ලංකා නාවික හමුදාව අඛණ්ඩය කටයුුතු කරනු ඇතැයි ධීවර අමාත්‍ය ජෝසප් මයිකල් පෙරේරා මහතා හින්දු පුවත්සේවයට පවසා තිබේ.
12දා සාකච්ඡා පැවැත්වීම පිළිබඳව ඉන්දියාවේ ස්ථාවරය පිළිබඳව ශ්‍රී ලංකාවේ අවධානය මේ වන විට යොමුව ඇතැයිද හින්දු පුවත් සේවය වැඩිදුරටත් කියයි.