ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර පවතින ධීවර ගැටලුව විසඳීම සඳහා අනිද්දා (05දා) ද්විපාර්ශීවීය සාකච්ඡා පැවැත්වීමට නියමිතව තිබුණත් එය ගැටලුකාරී තත්ත්වයකට පත්ව අතැයි ඉන්දීය ධීවර සංගම් උපුටා දක්වමින් ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
පම්බන්හි ධීවර සංගම් නියෝජිතයෙක් සඳහන් කර තිබෙන්නේ, ඉන්දීය ධීවරයින් ශ්‍රී ලංකාවේ මත්ස්‍ය සම්පත විනාශ කිරිම ශ්‍රී ලංකා ධීවරයින්ගේ දැඩි දෝශදරශනයට ලක්ව ඇති බවයි.
ඉන්දීය ධීවරයින් දිගින් දිගටම ශ්‍රී ලංකා මුහුදු සීමාව උල්ලංඝණය කිරිම හේතුවෙන් චෙන්නායි හා ශ්‍රී ලංකාව අතර පැවැති සබඳතා බිඳ වැටී ඇති බවත් ටයිම්ස් ඔෆ් ඉන්දියා පුවත් සේවය සඳහන් කරයි.