දීර්ඝ කාලයක් තිස්සේ පවතින ඉන්දු ශ්‍රී ලංකා ධීවර ගැටලුවේ නිමාවක් සනිටුහන් කිරීම සඳහා විධිමත් සාකච්ඡා ආරම්භ කිරීමට ඉන්දීය අග්‍රාමාත්‍ය මන්මෝහන් සිං මහතා තීරණය කර තිබේ. එහි පළමු පියවර වශයෙන් මෙම ගැටලුව පිළිබඳව තමිල්නාඩු දේශපාලන අධිකාරිය සමග මෙම සතිය තුළදීම වහාම සාකච්ඡා කිරීමටද අග්‍රාමාත්‍ය තීරණය කර තිබේ.
එම සාකච්ඡාවලදී දෙරටෙහි ධීවර ගැටලු පිළිබඳව ඉන්දියානු හා ශ්‍රී ලංකා නියෝජිතයන් අතර සාකච්ඡා පැවැත්වීමට අවශ්‍ය පහසුකම් සලසන ලෙසට තමිල්නාඩු දේශපාලන අධිකාරියට අග්‍රාමාත්‍යවරයාට දැනුම් දීමට නියමිත බවද ඉන්දීය මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
මේ වන විට ඉන්දියානු ධීවරයන් 280 දෙනෙක් ශ්‍රී ලංකා අත්අඩංගුවේ පසුවන අතර සාකච්ඡා පැවැත්වීම සඳහා පහසුකම් සකස් කිරීමට තමන් මෙම සතිය තුළදී ගත හැකි සෑම පියවරක්ම ගන්නා බව අග්‍රාමාත්‍යවරයා තහවුරු කර තිබේ.