ඉන්දු - ලංකා ගිවිසුම් පාර්ලිමේන්තුවට
ත්‍රිකුණාමලය තෙල් ටැංකි සහ වරාය සම්බන්ධව ශ්‍රීලංකාව සහ ඉන්දීය රජය අතර පසුගියදා අත්සන් කළ ගිවිසුම පාර්ලිමේන්තුවේ සභාගත කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (03දා) පැවසීය.
දෙරට අතර ඇතිකරන හවුල් ව්‍යාපාරයක් මගින් එම ස්ථාන පාලනය කිරීමට මෙම සැලසුම් කර තිබෙන බවත්, මෙමගින් ජාතික ආරක්ෂාවට තර්ජනයක් ඇතිවීමට ඉඩනොදෙන බවත් අගමැතිවරයා කීවේය.
ඉන්දියාව සමග ඇතිකරගත් ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේදැයි පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා විමසා සිටි අවස්ථාවේ වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේය.
සංවර්ධනය උපායමාර්ගික හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා සහ ඉන්දීය විදේශ කටයුතු ඇමතිවරිය අතර මෙම අවබෝධතා ගිවිසුම අත්සන් කළ බවත්,මෙගාවොට් 500 ක එල්.එන්.ජී බලාගාරයක් කෙරවලපිටියේ ඉදිකිරීම,හවුල්කාර සමාගමක් යටතේ තෙල්ටැංකි සංවර්ධනය කිරීම, යාපනය සිට දඹුල්ල දක්වා මාර්ග සංවර්ධනය කිරීම සඳහා මෙම දේශපාලන තීන්දුව ගත් බවත් රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.
මෙම ගිවිසුම සම්බන්ධව වෘත්තීය සමිති ඇතුළු සියලු පාර්ශ්ව සහ කැබිනට් මණ්ඩලය තුළ සාකච්ඡා කොට ක්‍රියාත්මක කරන බවද අගමැතිවරයා ප්‍රකාශ කළේය.
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ ඉන්දීය තෙල් සංස්ථාව අතර වසරකට බලපාන පරිදි නීත්‍යනුකූල ගිවිසුමකට එළඹෙන බවත්, ඒ සඳහා දේශපාලන තීන්දුවක් ගෙන තිබෙන බවත් වික්‍රමසිංහ මහතා පැවසීය.
ඒකාබද්ධ හවුල් ව්‍යාපාරය යටතේ ත්‍රිකුණාමලය වරායේ ඉඩම් බදුදීම සඳහා දෙපාර්ශ්වය අතර තවදුරටත් සාකච්ඡා කරන බවත්, තෙල්ටැංකි සංවර්ධනය කිරීමේ කටයුතු මහා නගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය සහ සිංගප්පූරු රජය සමග සිදුකරන බවත් හෙතෙම කියා සිටියේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

