(UPDATE) ඉන්දියාවේ, උතුරුදිග උත්තර් ප්‍රදේශ් හිදී මගී දුම්රියක් පීළි පැනීමෙන් සිදුවූ ජීවිත හානි ප්‍රමාණය 96 දක්වා ඉහළ ගොස් තිබේ.
ඉන්දොර්-පට්නා ශීඝ්‍රගාමී දුම්රිය මෙම අනතුරට මුහුණ පා ඇති අතර, දුම්රිය පීලි පැනීමත් සමග එහි මැදිරි 14ක්ම රේල් පාරෙන් ඉවතට පැමිණ ඇති බව විදෙස් වාර්තා පවසයි.
කන්පූර් නගරය ආසන්නයේදී එරට වේලාවෙන් අලුයම 3.00 ට පමණ මෙම අනතුර සිදුව ඇති අතර, සිද්ධියෙන් තවත් 100කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවද විදෙස් වාර්තා පවසයි.
අනතුර සිදුවන අවස්ථාවේදී වැඩි දෙනෙකු නින්දේ පසුවී ඇති බවත්, මුදාගැනීමේ කණ්ඩායම් විසින් තුවාලකරුවන් රෝහල්වෙත යොමුකර ඇති බවත් විදෙස් වාර්තා පවසයි.
මෙම අනතුර වචනයෙන් විස්තර කළ නොහැකි වේදනාවක් ඇති කළ බව අගමැති නරේන්ද්‍ර මෝදි පවසයි.