ඉන්දීය ආරක්ෂක උපදේශක අජිත් දොවාල් මහතා හා විපක්ෂ නායක රනිල් වික්රමසිංහ මහතා අතර හමුවක් ඊයේ (01දා) කොළඹදී සිදුව තිබෙන බව හින්දු පුවත් සේවය කියයි.
ගාලු කතිකාව සම්මන්ත්රණයට එක්වීම සඳහා අජිත් දොවාල් මහතා ශ්රී ලංකාවට පැමිණ තිබේ.
රනිල් වික්රමසිංහ මහතා හා අජිත් දොවාල් මහතා අතර පැවැති හමුවේදී ඉදිරි ජනපතිවරණය පිළිබඳ මෙන්ම චීනය හා ශ්රී ලංකාව අතර පවතින සබඳතා පිළිබඳවද සාකච්ඡා කර තිබෙන බව හින්දු පුවත් සේවය පැවැසීය.
එසේම ආරක්ෂක උපදේශකවරයා අද (02දා) ජනපති මහින්ද රාජපක්ෂ මහතා හමුවීමට නියමිත බවත් හින්දු පුවත් සේවය පැවැසීය.