ඉන්දියාවේ නිශ්පාදිත උසස් මෙන්ම සැහැල්ලු හෙලිකොප්ටර් යානාවක් වන ඩ්රුව් හෙලිකොප්ටරය ශ්රී ලංකාව ඇතුළු රටවල් කිහිපයකට අපනයනය කිරීමට ඉන්දියාව සැලසුම් කර තිබේ.
අසල්වාසී රටවල් සමග ආරක්ෂක සහයෝගීතාව වර්ධනය කර ගැනීමට හා ඉන්දීය අපනයන වර්ධනය කර ගැනීමේ අරමුණින් ඉන්දියාව මෙම තීරණය ගෙන ඇති බව ද හින්දු පුවත් සේවය තොරතුරු වාර්තා කරයි.
මේ පිළිබඳව වියට්නාමය, මියන්මාරය, ඉන්දුනීසියාව හා ශ්රී ලංකාව සමග සාකච්ඡා පවත්වා ඇති බව එච්.ඒ.එල්. සමාගම (Hindustan Aeronautics Ltd) හින්දු පුවත් සේවයට තහවුරු කර තිබේ.