ශ්රී ලංකාවේ පවතින ඉන්දීය කර්මාන්ත ශාලවක සේවය කරන ඉන්දීය ශ්රමිකයින් 77 දෙනෙක් ඉදිරි දින කිහිපය තුළ නැවතත් ඉන්දියාවට පිටත්වීමට සූදානමින් සිටින බව ද හින්දු පුවත් සේවය කියයි.
එම කර්මාන්ත ශාලවේ කලමනාකරණය විසින් මෙම ශ්රමිකයින්ට අයහපත් ආකාරයට සැලකීම හේතුවෙන් ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ මැදිගත්වීමෙන් ඔවුන් නැවතත් ඉන්දියාව බලා පිටත්කර හැරීමට නියමිත බවද හින්දු පුවත් සේවය පැවැසීය.