වෛද්‍ය ආඥාපනත සහා වෛද්‍ය ආචාර ධර්ම උල්ලංඝනය කරමින් ඉන්දීය වෛද්‍යවරුන්ට මෙරට ජනතාවට ප්‍රතිකාර ලබාදීමට හා සායන පැවැත්වීමට අවසර ලබා දී තිබෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ අනුදැනුම සහිතව මෙම කටයුත්ත සිදුකරමින් තිබෙන බවත් වෛද්‍ය ආඥාපනතට අනුව වෛද්‍ය සභාවේ අනුමැතිය නොමැතිව මෙරට තුළ විදේශීය වෛද්‍යවරුන්ට ප්‍රතිකාර කිරීමට හෝ සායන පැවැත්වීමට නොහැකි බවද එම සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා අද (05) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී සඳහන් කළේය.