දෙදෙන නිල සංචාරයක් සඳහා ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් එස්. ජයසංකර් මහතා ඇතුළු දූත පිරිස ඉන්දීය විශේෂ ගුවන්යානයකින් අද පෙරවරුවේදී දිවයිනට පැමිණියේය. ඉන්දීය දූත පිරිස තිදෙනෙකුගෙන් සමන්විත වෙයි.
ඔවුන් හෙට දිවයිනෙන් පිටත්ව යාමට නියමිත අතර ඊට ප්‍රථමව ජනපති මෛත්‍රීපාල සිරිසේන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමු වී සාකච්ඡා කිරීමටද නියමිතය.
ඉන්දීය ආධාර යටතේ ප්‍රතිසංස්කරණ කෙරුණු යාපනය දොරේඅප්පා ක්‍රීඩාංගණයද ඔවුන්ගේ සමභාගීත්වයෙන් විවෘත කෙරෙන අතර ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය සුෂ්මා ස්වරාජ් මහත්මියගේ ශ්‍රී ලංකා සංචාරයට අදාළ සියලු සැලසුම් පිළිබඳව සාකච්චා කිරීමටත් නියමිතය.