ඉන්දීය ධීවරයන් මෙරට මුහුදු සීමාවට පැමිණ සිදුකරන නීතිවිරෝධී ධීවර කටයුතුවලින් සිදුවන හානිය පිළිබඳව දැනුවත් කිරීම සඳහා ඉන්දීය විදේශ ඇමතිනී සුෂ්මා සුවරාජ් මහත්මියට සංදේශයක් බාරදීමට ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය සැලසුම් කර තිබේ.
ඉන්දීය විදේශ ඇමතිනී සුෂ්මා සුවරාජ් මහත්මිය ලබන සතියේදී ශ්‍රී ලංකාව තුළ සිදුකරන සංචාරයේදී මෙම සංදේශය බාරදීමට සැලසුම් කර තිබෙන අතර, එම සංදේශය මගින් ඉන්දීය රජය දැනුවත් කිරීමටද නියමිතය.
ඉන්දීය ධීවරයන් මෙරට මුහුදට පැමිණ සිදුකරන විනාශය පිළිබඳ විධිමත් වාර්තාවක් සකස් කරන ලෙසට ධීවර අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් අමාත්‍යාංශ නිලධාරීන්ට අද (28දා) උපදෙස් ලබාදී තිබේ.