1987 සාම ගිවිසුම අත්සන් කිරීමෙන් අනතුරව ඉන්දීය සාමසාධක හමුදාව දියත් කරනු ලැබූ ‘පවන්’ මෙහෙයුම සඳහා කණ්ඩායම් භාර නිළධාරීයෙක් ලෙස දායක වී සිය ප්‍රථම යුදබිම් අත්දැකීම ලැබූ ඉන්දියාවේ 26 වන යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ඩල්බීර් සිං මහතා මේ වන විට ශ්‍රී ලංකාවේ සංචාරයක් ආරම්භ කර තිබේ.
ඔහු අද (30දා) පෙරවරුවේදී යුද හමුදාපති ලුතිනන් ජනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා මහතා හමුවිය. ආරක්ෂක නායකයින් දෙපළ අතර දෙරටට බලපාන වැදගත් කරුණු කිහිපයක් පිළිබඳව සාකච්ඡා පැවැත්වූ බව යුද හමුදා මාධ්‍ය අංශය පවසයි.
1987 දී තරුණ නිලධාරියෙක් ලෙස ජෙනරාල් ඩල්බීර් සිං මහතා යාපනය, කිලිනොච්චි, මුලතිව් සහ වන්නි ප්‍රදේශවල පැවති එල්ටීටීඊ ත්‍රස්තවාදි ක්‍රියාකාරකම්වලට එරෙහි මෙහෙයුම්වල දී කණ්ඩායම් භාර නිළධාරීයෙක් ලෙස ක්‍රියා කළ ආකාරය පිළිබඳව ඉන්දීය යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී සිය අත්දැකීම් සිහිපත් කළේය.
කලාපය තුල උද්ගතව ඇති ත්‍රස්ත තර්ජන, සයිබර් ප්‍රහාර ආදි ගැටළු පිළිබඳව කරුණු හමුදා ප්‍රධානීන් දෙපල අතර සාකච්ඡාවට භාජනය කෙරුනු අතර, ඒවාට මුහුණ දෙන ආකාරය පිළිබඳව ද අවධාරණය කර තිබේ.
ජෙනරාල් ඩල්බීර් සිං දශක හතරක් මුළුල්ලේ මහතා පරම විශිෂ්ඨ සේවා පදක්කම, උත්තම විශිෂ්ඨ සේවා පදක්කම, අති විශිෂ්ඨ සේවා පදක්කම සහ විශිෂ්ඨ සේවා පදක්කම ඇතුළු පදක්කම් රැසකින් පිදුම් ලබා ඇති බවද හමුදා මාධ්‍ය අංශය කියයි. එසේම ඔහුගේ පරම්පරා දෙකක් ඉන්දීය යුද හමුදාවේ කණිෂ්ඨ නිලතලවල සේවය කරයි.