ඉන්දියාවේ යමුනා අධිවේගී මාර්ගයේ ඇති වූ අනතුරකින් ශ්රී ලාංකිකයන් සිවුදෙනෙකු බරපතළ තුවාල ලබා ඇති බව ‘ටයිම්ස් ඔෆ් ඉන්දියා’ පුවත් සේවය පවසයි. අනතුරින් තවත් හයදෙනෙකු තුවාල ලබා ඇති බවද එම පුවත් සේවය තවදුරටත් සඳහන් කරයි.
ඊයේ (12දා) උදෑසන මෙම අනතුර සිදුවී ඇති අතර, සංචාරයක් සඳහා ඉන්දියාවට ගොස් තිබෙන මෙම ශ්රී ලාංකිකයන් පිරිස බස් රථයකින් අග්රා වෙත ගමන්කරමින් සිටියදී අනතුර සිදුව තිබේ. සිද්ධියෙන් තුවාල ලැබූ 63 හැවිරිදි කාන්තාවකගේ තත්ත්වය බරපතළ බවද ටයිම්ස් ඔෆ් ඉන්දියා පුවත් සේවය පවසයි.