කච්චතිවු දූපතේ සාන්ත අන්තෝනි දේවස්ථානයේ වාර්ෂිකව පැවැත්වෙන උත්සවය ආවරණය කිරීමට පැමිණීමට නියමිත ඉන්දීය මාධ්‍යවේදීන් සීමාකීරීමට ශ්‍රී ලංකා නාවුක හමුදාව කටයුතු කරමින් සිටින බව ‘දහින්දු’ පුවත්සේවය පවසයි.
2014 වසරේ කච්චතිවු උත්සවය එළඹෙන 15දා හා 16දා පැවැත්වීමට නියමිතව ඇති අතර, එය ආවරණය කිරීමට පැමිණෙන මාධ්‍යවේදීන් සඳහා වීසා අවසර පත්‍ර තිබීම අත්‍යාවශ්‍ය බව ශ්‍රී ලංකා නාවුක හමුදාව ඉන්දියාවට දැනුම්දී තිබේ. නමුත් මේ හරහා ඉන්දීය මාධ්‍යවේදීන්ගේ පැමිණීම සීමාකිරීමට නාවුක හමුදාව කටයුතු කරන බව ‘ද හින්දු’ පුවත් සේවය සඳහන් කරයි.
කෙසේ නමුත් නිසියාකාරව වීසා බලපත්‍ර සහිත මාධ්‍යවේදීන්ට කච්චතිවු උත්සවයට සම්බන්ධවීමට අවශ්‍ය ඉඩ ලබාදීමට සූදානම් බව නාවික හමුදාව විසින් ඉන්දියාවට නිල වශයෙන් දැනුම් දී ඇතැයිද හින්දු පුවත්සේවය තවදුරටත් පවසයි.
ඡායාරූපය ද හින්දු ඇසුරෙනි