ඉන්දියාවේ මීළඟ මහ මැතිවරණය ලබන අප්‍රේල් 7 වැනිදා සිට ආරම්භ කිරීමට නියමිත බව එරට මැතිවරණ කොමිසම නිවේදනය කරයි.
ඒ අනුව, ඉන්දීය මහ මැතිවරණය මැයි මස 12 වැනිදා දක්වා තෝරා ගනු ලබන දින කිහිපයකදීම පැවැත්වීමට නියමිත අතර, ඡන්ද ගණන් කිරීම මැයි 16 වැනිදා සිදුකිරීමට නියමිතය.
බලයේ සිටින කොංග්රස් පක්ෂය සහ ප්‍රධාන විපක්ෂය වන භාරතීය ජනතා පක්ෂයත් ඇතුළු තවත් කුඩා පක්ෂ රැසක් මෙම මහ මැතිවරණයට තරඟ වැදීමට සූදානමින් සිටියි. එමෙන්ම, නව දූෂණ-විරෝධී පක්ෂය ලෙස මෑතකදී දිල්ලියේද බලය අල්ලා ගත් ආම් අදාමි පක්ෂය මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් වන්නේ දූෂණයට එරෙහි සුවිශේෂී විකල්පයක් ලෙසිනි.
මෙවර මහ මැතිවරණ සටනේ භාරතීය ජනතා පක්ෂයේ නරේන්ද්‍ර සිං මෝඩිට එරෙහිව කොංග්‍රසය විසින් ගාන්ධි පරපුරේ වර්තමාන පුරුක වන රාහුල් ගාන්ධි ඉදිරිපත් කර ඇති අතර, රාහුල් ගාන්ධි ඉන්දීය දේශපාලනයේ ප්‍රබල සටනක් මෙහෙයවන ප්‍රථම අවස්ථාව මෙය වෙයි.
2014 ඉන්දීය මහ මැතිවරණය සඳහා ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා එරට කෝටි 80ක් ජනතාව සුදුසුකම් ලබා තිබේ. කෙසේ වෙතත්, මීට වසර 5කට පෙර පැවති පසුගිය මහ මැතිවරණයට සාපේක්ෂව එරට ඡන්දදායක සංඛ්‍යාව කෝටි 10කින් පමණ වැඩිවී ඇති බවද එරට මැතිවරණ කොමිසම පෙන්වා දෙයි.