ශ්‍රී ලංකා මුහුදු සීමාව උල්ලංගණය කරමින් මසුන් අල්ලන ඉන්දීය ධීවරයින් හා යාත්‍රා අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය උපදෙස් තමන් ශ්‍රී ලංකා නාවික හමුදාවට ලබාදුන් බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාං සඳහන් කරයි.
එසේම ඉන්දිය ධීවරයින්ට ශ්‍රී ලංකා මුහුදු සීමාවේ මසුන් ඇල්ලීමට අවසර නොදුන් බවත් ඔහු සඳහන් කළේය. උතුරු ධීවර නියොජිතයින් හා ජනපිත මෛත්‍රීපාල සිරිසේන මහතා අතර පෙරෝදා (02දා) පැවැති සාකච්ඡා වලදී ජනපතිවරයා මෙම කරුණු අණාවරණය කර තිබේ.
එසේම සිය ඉන්දීය සංචාරයේදී මෙම ගැටලුව පිළිබඳව සාකච්ඡා කළ බවත්, ධීවර ගැටලුව ඉන්දු ශ්‍රී ලංකා සබඳතාවලට හානි නොවන ආකාරයෙන් විසඳා ගැනීමට අවශ්‍ය බවත් ඔහු සඳහන් කර තිබේ.