ශ්රී ලංකා මුහුදු සීමාව උල්ලංඝනය කළ ඉන්දීය ධීවරයන් 38 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට ශ්රී ලංකා නාවික හමුදාව ඊයේ (29දා) රාත්රියේ කටයතු කළේය.
ඩෙල්ෆ්ට් දිවයිනට ආසන්න ශ්රී ලංකාවට අයත් මුහුදේදී මෙම ඉන්දීය ධීවරයන් මසුන් අල්ලමින් සිටි අතර, ඔවුන්ට අයත් ධීවර යාත්රා 06ක්ද නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇත.