ශ්‍රී ලංකාවේදී මරණීය දණ්ඩනය නියමවූ ඉන්දිය ධීවරයින් පිළිබඳව මේ දක්වා අවසන් තීරණයක් ගෙන නැති බව හින්දු පුවත් සේවය කියයි.
ජනපති මාධ්‍ය ප්‍රකාශක මොහාන් සමරනායක උපුටා දක්වමන් එම පුවත් සේවය පවසන්නේ ධීවරයින්ට නිදහස දීමට හෝ මරණ දඬුවම ජීවිතාන්තය දක්වා වන සිර දඬුවමකට යටත් කිරමට තීරණයක් ගෙන නොමැති බවයි.
මෙය අධිකරණය හමුවේ පවති කරුණක් හෙයින් ඉතාමත් ප්‍රවේශමෙන් කළ යතු බවද මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.
අනෙක් අතට මේ තීන්දුවට ඉන්දියාව විසින් ඇපැලක් ඉදිරිපත් කර තිබෙන හෙයින් ඉදිරි කටයුතු තීරණය කිරීමටනම් එම අපෑල ඉවත්කර ගත යුතු බවත් මොහාන් සමරනායක මහතා කියයි.