ශ්රී ලංකා නාවික හමුදාව විසින් ඉන්දීය ධීවරයින්ට සිදුකරනු බව පවසන පහරදීම් සඳහා විසඳුමක් ලෙස තමිල්නාඩු ධීවරයින්ට අවි පුහුණුව ලබාදෙන ලෙස ටී.ඩී.එම්. පක්ෂයේ නායක පී. නැඳුමාරන් කියයි.
පසුගිය සෙනසුරාදා පැවැති පක්ෂයේ රැළියක් අමතමින් හෙතෙම මෙම අදහස් ප්රකාශ කර තිබේ. එසේම ලෝකයේ පස්වැනි විශාලම නාවික හමුදාව වන ඉන්දීය නාවික හමුදාව ධීවරයින්ට සිඳුවන පහරදීම් වලදී මුනිවත රකින බවත් නැඳුමාරන් කියයි. එහෙයින් ඉන්දීය ධීවරයින්ට අවි පුහුණුවක් ලබා දිය යුතු බව නැඳුමාරන් පෙන්වා දෙයි.