ශ්රී ලංකාව විසින් අත්අඩංගුවට ගෙන තිබෙන ඉන්දීය ධීවර යාත්රා නිදහස් කරන ලෙස ඉල්ලමින් ඉන්දීය ධීවරයන් විසින් ආරම්භ කර ඇති උපවාසය තවදුරටත් ක්රියාත්මක බව ‘ද හින්දු’ පුවත් සේවය සඳහන් කළේය.
ඉන්දියාවේ රාමේශ්වරම් ධීවරයන් විසින් ආරම්භ කර තිබෙන මෙම උපවාසය ශ්රී ලංකාව විසින් ධීවර යාත්රා නිදහස් කරන තෙක්ම රැගෙන යන බව විරෝධතාකරුවෝ පවසති.
ශ්රී ලංකාව විසින් අත්අඩංගුවට ගත් ඉන්දීය ධීවරයන් නිදහස් කළත්, ඔවුන්ගේ යාත්රා නිදහස් නොකිරීම නිසා ධීවරයන්ගේ ජීවිකාව පවත්වාගෙන යාමට අපහසුවී තිබෙන බව විරෝධතාකරුවෝ පවසති.