ඉන්දීය ධීවරයන් නිදහස් කරන්න ජනපති නියෝග
අත් අඩංගුවේ පසු වන ඉන්දීය ධීවරයන් සියලු දෙනා නිදහස් කරන මෙන් ජනපති මහින්ද රාජපක්ෂ මහතා නියෝග කර ඇති බව වාර්තා වෙයි.
ඉන්දියාවේ නව අගමැතිවරයා ලෙස නරේන්ද්‍ර මෝඩි දිවුරුම් දෙන අවස්ථාවේ දෙරට අතර හොඳ හිත වර්ධනය කරගැනීමේ අරමුණින් මෙවැනි තීරණයක් ගත් බව ට්විටර් පණුවුඩයක් මගින් ජනාධිපතිවරයා සඳහන් කරයි.
ජනාධිපතිවරයාගේ නියෝගයෙන් අනතුරුව අත් අඩංගුවේ පසු වන ඉන්දීය ධීවරයන් පස් දෙනකු ඉක්මනින්ම නිදහස් කරනු ඇතැයි බලාපොරොත්තු වන බව, ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශක සයියද් අක්බරුද්දීන් ට්විටර් පණිවුඩයක් මගින් ප්‍රකාශ කර තිබේ.
පාකිස්තානයේ අත් අඩංගුවේ පසුවන ඉන්දීය ධීවරයන් 152 නෙකුද නිදහස් කිරීමට පාකිස්තාන රජය තීරණය කොට තිබෙන බව විදෙස් පුවත් සේවා පවසයි.
එම ධීවරයන් පිරිස පිළිගැනීමට ඉන්දීය බලධාරීන් පිරිසක් පන්ජාබයේ ඉන්දීය පාකිස්තාන දේශ සීමාවට ගොස් සිටින බවද එම වාර්තාවල වැඩිදුරටත් දැක්වෙයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

