මෙරට අත්අඩංගුවේ සිට නිදහස් කෙරුණු ඉන්දීය ධීවරයින් 34 දෙනෙකු ඉන්දීය රජය වෙත භාරදීම අද (24) උදෑසන කන්කසන්තුරයට උතුරින් වූ අන්තර්ජාතික මුහුදු සීමාවේදී සිදුවිය.
ශ්රී ලංකා නාවික හමුදාවේ සහාය මත එම ධීවරයින් පිරිස ඉන්දීය වෙරළාරක්ෂක බලකායේ ‘සාගර්’ නෞකාව වෙත භාර දීමට කටයුතු කෙරුණු අතර ශ්රී ලංකා නාවික නෞකා රණවිජය සහ වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ CG 48 යාත්රාව ඒ සඳහා සහභාගී විය.